තරුණයන් දෙදෙනෙකු දුම්රියට බිළිවෙයි

Saturday, 07 May 2016 - 9:00

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යාපනය - කෝපායි - කොණ්ඩාවිල් ප්‍රදේශයේදී දුම්රියේ ගැටුණු තරුණයන් දෙදෙනෙකු අද අලූයම ජීවිතක්ෂයට පත්වුණා.

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ තැපැල් දුම්රියේ ඔවුන් ගැටී ඇත්තේ අද අලූයම් කාලයේදියි.

මෙම තරුණයන් දෙදෙනා දුම්රිය මාර්ගයේ නිදා සිටියදී මෙලෙස දුම්රියේ ගැටී ඇති බව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සදහන් කළා.

මළ සිරුරු යාපනය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.