ඒකාබද්ධ විපක්ෂයෙන් ජනපතිට ඉල්ලීම් 3ක්

Tuesday, 10 May 2016 - 13:25

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A
වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීම් 3 ක් ඉදිරිපත් කරන බව  ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සියයට 15 ක් වූ වැට් බද්ද සියයට 12 දක්වා අඩු කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ බදු ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඊට ඇතුළත් කෙරෙන බවයි.

මේ අතර වැට් බදු වැඩි කිරීමට එරෙහිව ඉදිරියේදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය සරත් අමුණුගම ප්‍රකාශ කළේ පාරිභෝජනය වැඩි පුද්ගලයන්ට බදු බර වැඩියෙන් දැනෙන බවයි.