උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පවරයි

Wednesday, 11 May 2016 - 14:07

%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නීති විරෝධී ලෙස අලි පැටවෙකු ලඟ තබා ගැනීමේ චෝදනාවට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සලකා බැලූනු අතර තවදුරටත් එය මෙම අධිකරණයේ විභාග කළ හැකිද යන්න පිළිබඳව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්, නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබුණා.

කිරුලපන - පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ බලපත්‍ර නොමැතිව රදවාගෙන සිටි අලි පැටවෙකු වනජීවි නිලධාරීන් සොයාගත්තේ පසුගිය ජනවාරි 28 වැනිදායි.

මාර්තු මස 09 වැනිදා මෙම සිද්ධියට උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හරිනු ලැබුවා.