ලොරියක් ප්‍රපාතයකට පෙරළී රියදුරුට තුවාල (ඡායාරූප)

Wednesday, 11 May 2016 - 14:33

%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බදුල්ල - කුට්ටියගොල්ල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 120 ක් පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

අද අලූයම සිදුවූ මෙම අනතුරෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කෙරුණු බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

පොල් වෙළදාමේ ගොස් නැවත සිය නිවස වෙත පැමිණෙමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව තිබෙනවා.

රියදුරාට නින්ද යාම හේතුවෙන් ලොරි රථය ප්‍රපාතයට පෙරළෙන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.



ඡායාරූප - බදුල්ල පාලිත ආරියවංශ