විමල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Wednesday, 11 May 2016 - 16:03

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වැට් බදු ඉහළ නැංවීම අහෝසි කරන ලෙස ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

මෙම බදු පැනවීම අසාධාරණ බැවින් ඒවා වැඩි කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි මන්ත්‍රීවරයා පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.