රිය අනතුරකින් 16කට තුවාල

Thursday, 12 May 2016 - 8:06

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+16%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
කොළඹ - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කවුඩුවාව ප්‍රදේශයේදී අද අලූයම බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලැබුවා.

පොතුවිල් සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස්  රථයක් සහ කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය වූ කන්ටේනර් රථයක් මෙලෙස ගැටී ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කහවත්ත මූලික  රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ හයදෙනෙකු රත්නපුර මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙම පිරිස අතර බස් රථයේ සහ කන්ටේනර් රථයේ රියදුරුද වන බවයි පොලීසිය සඳහන් කළේ.