විජයග්‍රහණ සැමරුමේ හමුදා සංදර්ශන ඉවත් කෙරේ

Thursday, 12 May 2016 - 18:50

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් උතුරු පළාත තුළ යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ නායකයින් සැමරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසනවා.

කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊයේ (11) යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් දැක්වූ අදහසකට ප්‍රතිචාර දක්වමින්.

යාපනයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කියා සිටියේ උතුරේ මියගිය දෙමළ ජනතාව සැමරීම සදහා අද සිට ලබන 18 වනදා දක්වා සතියක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන කියා සිටියේ එල්.ටී.ටී.ඊ. ය සැමරීමට රට තුළ කිසිසේත්ම ඉඩක් නොමැති බවයි.

මේ අතර, ලබන 18 වනදා යුද්ධයෙන් මියගිය රණවිරුවන් සහ ආබාධිත වූ රණවිරුවන් සිහිකිරීම බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී සිදුකරන බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.