ශ්‍රී ලංකාවේ සංහිදියාව වෙනුවෙන් පූර්ණ සහාය ලබාදෙනවා

Saturday, 14 May 2016 - 7:31

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
ශ්‍රී ලංකාවේ සංහිදියා වැඩපිළිවෙලට පූර්ණ සහාය ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

ඒ, එරට දෙදින සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඊයේ පස්වරුවේ හයිද්‍රාබාද් නුවර පැවැති සාකච්ඡාවේදියි.

ඉන්දීය රජයේ සහාය ඇතිව ඖෂධ නිෂ්පාදන ආයෝජන කලාපයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට ද මෙහිදී එකඟත්වයකට පැමිණ තිබෙනවා.

එසේම දෙරටේ ආර්ථික සහ සංස්කෘතික සබදතා වැඩි දියුණු කර ගැනීම පිළිබදව ද ඔවුන් සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව ඉන්දියාවේ දෙදින නිළ සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඊයේ පස්වරුවේ ඉන්දියාවට ළඟාවුණා.

එහිදී ජනාධිපතිවරයාව ඉන්දීය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රාවෝ ඉන්ද්‍රජිත් සිං ඇතුළු නියෝජිත පිරිසක් විශේෂ ගෞරව සහිතව පිළිගත්තා.

එමෙන්ම අද ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ඉන්දෝහි පැවැත්වෙන කුම්බමේලා හින්දු ආගමික උත්සවයට මෙන්ම සාංචි නුවර ස්ථාපිත අනගාරික ධර්මපාල පිළිරුව විවෘත කිරීමේ උත්සවයට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිතව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.