සිරියාවේදී මිය ගිය හිස්බුල්ලා නායකයාගේ අවමඟුල ලෙබනනයේදී

Saturday, 14 May 2016 - 7:51

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%9F%E0%B7%94%E0%B6%BD+%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B6%B1%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
සිරියාවේදී ගුවන් ප්‍රහාරයකින් මිය ගිය හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන පෙළේ සන්නද්ධ නායකයෙකු ලෙස සැලකෙන මුස්තාෆා අමීන් බද්ද්‍රෙදීන්ගේ අවසන් කටයුතු ලෙබනනයේ බීරුට් අගනුවර දී ඊයේ සිදුකෙරුණා.

ඊට හිස්බුල්ලා අනුගාමිකයින් දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගි වී තිබෙනවා.

සිරියාවේ දමස්කස් ගුවන් තොටුපළ ආසන්නයේදී සිදුවූ පිපිරීමකින් හිස්බුල්ලා නායකයා ජීවිතක්ෂයට පත්වූ අතර, එය ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිදුවූවක් ලෙසයි මුලින් ප්‍රකාශ වූයේ.

කෙසේ නමුත්, ලෙබනනයේ ෂියා කණ්ඩායම් පසුව නිකුත් කළ නිවේදනවල ඊශ්‍රායලය සම්බන්ධයෙන් සදහන් වන්නේ නැහැ.

සිද්ධියට වගකිව යුතු පුද්ගලයන් ඉදිරි පැය කිහිපය තුළ දී ප්‍රකාශයට පත් කරන බවයි හිස්බුල්ලා සංවිධානය සදහන් කළේ.

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ හමුදාවලට සහායවීම සඳහා හිස්බුල්ලා සාමාජිකයන් 1600ක් පමණ සිරියාවේ මෙහෙයුම්වලට එක්වනවා.

එහි නායකත්වය දැරූ මුස්තාෆා අමීන් බද්ද්‍රෙදීන් බටහිර රටවල ත්‍රස්තවාදී ලැයිස්තුවල මුලින්ම සදහන් වන පුද්ගලයෙක්.

2005 වසරේදී ලෙබනන අග්‍රාමාත්‍ය රෆික් හරීරි ඝාතනය කළ බවට ද ඔහුට චෝදනා එල්ල වුණා.