නාවලපිටියේදී ගම්පොළ සිසුන්ට පහර දුන් 9ක් අත්අඩංගුවට

Saturday, 14 May 2016 - 8:30

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කලාප පාසල් ක්‍රීඩා තරඟ සඳහා නාවලපිටියට පැමිණි ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ සිසුන් පිරිසකට සහ ඔවුන් පැමිණි බස් රථයකට ඊයේ ප්‍රහාරයක් එල්ල වුණා.

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවැති තරඟ අවසන් වී ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කළ බවට චෝදනා එල්ල වන්නේ නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලයේ සිසුන් සහ ආදි සිසුන් පිරිසකටයි.

මෙහිදී ගම්පොළ වික්‍රමබාහු පාසලේ සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, බස් රථයට ද දැඩි හානි සිදුව තිබෙනවා.

මෙම පාසල් දෙකේ සිසුන් අතර කලක සිට පැවැති විරසකයක් පහරදීමට හේතු වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

සිද්ධියට සම්බන්ධ නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලයේ සිසුන් 6 දෙනෙකු සහ ආදි සිසුන් 3 දෙනෙකු පසුව පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ඊයේ රාත්‍රියේ සිදුකළ අතර, අද නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුන් දෙපිරිසක් අතර ද පසුගිය දා ගැටුමක් ඇති වුණා.

එම ගැටුමෙන් බරපතල තුවාල ලැබූ එක් සිසුවෙකු රෝහල් ගත කෙරුණා.