ඒඩ්ස් සමුළුවේ තීරණ පිළිගන්න බෑ ?

Saturday, 14 May 2016 - 11:00

%E0%B6%92%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91+%3F
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මැයි 23 සහ 24 යන දිනවල තුර්කියේ ඉස්තාන්බුල් නුවර සංවිධාන කර ඇති ගෝලීය ඒඩ්ස් සමුළුවේ එකඟතාවන් පිළිනොගන්නා බව රුසියාව ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් රුසියානු රජය ජගත් සංවිධාන ලේකම් කාර්යාලය වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.

රුසියාව සහ තුර්කිය අතර සබදතා මේ වන විට දුර්වල මට්ටමක පවතින අතර තුර්කිය විසින් සිරියාවේ රුසියානු ප්‍රහාරක යානයක් බිම හෙලීම ඊට එක් හේතුවක්.

තුර්කි සමුළුවට දෙවන පෙළ නියෝජිතයින් පිරිසක් යැවීමටයි රුසියාව තීරණය කර ඇත්තේ.

එහෙත් රුසියාව සමුළුවේ පූර්ණ කොටස්කරුවෙකු වනු ඇතැයි තවදුරටත් විශ්වාස කරන බව ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මූන් කියා සිටියා.