210ක් නොඑන්න ගිය එවරස්ට් තරණයට ප්‍රථමවරට යන ශ්‍රී ලාංකිකකයන් මෙන්න

Monday, 16 May 2016 - 9:49

210%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B7%80%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ලොව උසම කදු මුඳුන වන එවරස්ට් තරණයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ඉතිහාසයේ ප්‍රථමවරට සූදානම් වනවා.

මේවන විට ඔවුන් රැඳී සිටින්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 5,300 ක උසින් පිහිටි එවරස්ට් කඳු පාමුලයි.

ජයන්ති කුරුඋතුම්පාල හා යොහාන් පීරිස් යන ශ්‍රී ලාංකික මිතුරන් දෙදෙනා එවරස්ට් කඳු මුදුන වෙත ළඟා වීමට පෙර මේ ‍වීඩියෝ පටය මුදාහැරියේ ඔවුන් තම අභියෝගයේ අවසන් අදියරට පැමිණ ඇති බව දැනුම් දීමටයි.

ජයන්ති කුරුඋතුම්පාල වෘත්තියෙන් කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විශේෂඥවරියක් වන අතර, යොහාන් පීරිස් ජනප්‍රිය කොණ්ඩා සැකසුම් ශිල්පියෙක්.

ලොව උසම කඳු මුදුන වන එවරස්ට් සාර්ථකව තරණය කර ඇති පිරිස 3000 කට ආසන්න වනවා.

කෙසේ වෙතත් එම ප්‍රයත්නයේදී පුද්ගලයින් 210 දෙදෙනෙකුට සිය ජීවිත අහිමිවී තිබෙනවා.