ආපදාවට ලක්වූ පවුල්වලට රුපියල් ලක්ෂ 25 ක උපරිමයකට මූල්‍යාධාර

Tuesday, 17 May 2016 - 7:08

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+25+%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB
ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට සියලූ අංශ සීරුවෙන් තබන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදියි.

ගංවතුරෙන් සහ නායයෑම් හේතුවෙන් අවතැන්වන එක් පුද්ගලයෙකුගේ අවශ්‍යතා වෙනුවෙන් දිනකට වෙන් කරන රුපියල් 150 ක මුදල රුපියල් 225 දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ඊට අදාළ හදිසි කැබිනට් පත්‍රිකාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

මීට අමතරව දිවයින පුරා මතුව ඇති ගං වතුර, නායයෑම්, සුළිසුළං තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාව වෙනුවෙන් සහන සැළසීමේදී ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ කාර්යභාරය ඉතා වැදගත් බවත්, ඒ සඳහා යුහුසුළුව ක්‍රියාත්මක වන ලෙසත් ජනාධිපතිවරයා එහිදී ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසන්නේ පවතින කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැළසීමට මූල්‍ය ප්‍රතිපාදන නිකුත් කර ඇති බවයි.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම මුදල් නිකුත් කර ඇති අතර, ඒ අනුව

එමෙන්ම හදිසි මරණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක්ද, එසේම රුපියල් මිලියන 10 කට අඩු වාර්ෂික පිරිවැටුමක් ඇති ව්‍යාපාර වෙනුවෙන්ද මේ යටතේ මූල්‍යාධාර හිමිවන බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

මීට අමතරව ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන ධීවරයෙකුගේ මරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක්ද ලබාදීමට තීරණය කර තිබෙනවා. ජාතික රක්ෂණ භාර අරමුදල මගින් අදාළ වන්දි මුදල් ගෙවීම සිදු කරන බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මේ අතර අධික වැසි සමඟ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා සියලූම පොලිස් ස්ථාන සීරුවෙන් තබන ලෙස නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම 2 44 44 80 පොලිස් උපකාරක මැදිරියට, 2 854 931 පොලිස්පති අණදෙන තොරතුරු මධ්‍යස්ථානයට මෙන්ම දිවයින පුරා පිහිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල සහ කොට්ඨාශ මෙහෙයුම් මැදිරිවලටද හදිසි ආපදා පිළිබඳව තොරතුරු දැනුම්දිය හැකියි.

දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි හදිසි ආපදාවලට අදාළ තොරතුරු දැනුම්දීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය ද දුරකථන අංක කිහිපයක් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව 2 434 251 ඔස්සේ යුද හමුදා ක්‍රියාන්විත මැදිරියත්, 2 445 368 නාවික හමුදා ක්‍රියාන්විත මැදිරියත්, 2 343 970 ඔස්සේ ගුවන් හමුදා ක්‍රියාන්විත මැදිරියත් ඇමතිය හැකියි.