විමල්-බන්දුල-ජොන්ස්ටන් වැලිකඩට

Thursday, 19 May 2016 - 12:57

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD-%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A++%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9%E0%B6%A7
ආණ්ඩුව අද (19) වනවිට යුද්ධය නිමා කළ රණවිරුවන් අමතක කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. 

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රණවිරුවන් පිරිසකගේ සුවදුක් විමසීම සදහායි. 

ඊයේ දිනයට යෙදී තිබුණු විජයග්‍රහණ සැමරුමට සමගාමීවයි ඔවුන් මෙලෙස බන්ධනාගාරයට පැමිණ ඇත්තේ. 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග සහ නාමල් රාජපක්ෂ එක්ව සිටියා.

ඔවුන් මෙහිදී ප්‍රකාශ කලේ රටට නිදහස ලබාදීමට කැපවූ යුද හමුදා බුද්ධි නිලධාරීන් 9 දෙනෙකු අභූත චෝදනා යටතේ රඳවාගෙන සිටින බවයි.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂය හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී අද පැවැත්වීමට නියමිතව තිබූ රණවිරු සැමරුම් උත්සවය අයහපත් කාලගුණය හේතුවෙන් අවලංගු කරනු ලැබුවා.