ජයන්ති කුරුඋතුම්පාල ලොව උසම කඳු ශිඛරය වන එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට අද උදෑසන සමත් වුණා.
ඇය එම දස්කම දැක්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයායි.
ජයන්ති කුරුඋතුම්පාල සමඟ එවරස්ට් තරණයට එක්ව සිටින යොහාන් පීරිස් එහි අවසන් අදියරේ සිටින බවයි ඔවුන්ගේ එවරස්ට් තරණයේ සංවිධායකයන් ප්‍රකාශ කළේ.
මීටර් 8488ක් උසැති එවරස්ට් කඳු තරණය ජයන්ති කුරුඋතුම්පාල සහ යොහාන් පීරීස් ආරම්භ කළේ පසුගිය අප්‍රේල් 16 වන දායි.
නේපාලය සහ ටිබෙටය අතර විහිදුණු හිමාල කඳු පෙළට අයත් එවරස්ට් ශිඛරය තරණය කළ ජයන්ති කුරුඋතුම්පාල මෙරට නකල්ස් කඳුකරය මෙන්ම දකුණු අප්‍රිකාවේ සහ ආජන්ටිනාවේ කඳු තරණය කරමින් ඊට පුහුණුව ලබා තිබෙනවා.