කතරගම වන්දනාවේ යාමට පැමිණි කාන්තාවක් වන්දනා ගමනට සූදානම් කර තිබූ බස් රථයටම යටවී මියගිය පුවතක් හම්බන්තොට - හිඟුරකන්ද ප්රදේශයෙන් වාර්තා වනවා.
එම ප්රදේශයේම පදිංචි වයස අවුරුදු 70 ක පමණ මෙම කාන්තාව අද උදෑසන 6.30 ට පමණ වන්දනා බස් රථයට ගොඩවීම සඳහා පැමිණ තිබෙනවා.
බස් රථයට ඉදිරියෙන් ඇය පාර මාරුවන අවස්ථාවේදී රථය ගමන් ආරම්භ කිරීමත් සමඟම එයට යටවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
බස් රථය හම්බන්තොට - කටුවන - ගොමඩිය සිට කතරගම දක්වා ගමන් කිරීමට වන්දනාකරුවන් රැගෙනවිත් ඇති අතර හිඟුරකන්ද ප්රදේශයේදී එම ප්රදේශයේ වන්දනාකරුවන් නංවා ගැනීමට බස් රථය නතර කර තිබෙනවා.
ඉන් අනතුරුව නැවත ගමන් ආරම්භ කිරීමේදී හිඟුරකන්ද පාසල අසලදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ කාන්තාව එම ස්ථානයේම මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බස් රථයේ රියදුරු කටුවන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලස්මුල්ල වැඩබලන මහේස්ත්රාත්වරයාගේ අධීක්ෂණයෙන් අනතුරුව මෘත දේහය ඇඹිලිපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට නියමිත බවයි කටුවන පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.