හිරු උත්තම ධාතු වන්දනාවට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් - සර්වඥ ධාතූන් වහන්සේ මුතියංගනයේ සිට නුවරඑළියට වැඩම කිරීම ඇරඹේ

Tuesday, 24 May 2016 - 7:44

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%A5+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
අසිරිමත් සම්බුදු තෙමගුල සමරමින් ආසියානු මාධ්‍ය ජාලයේ හිරුTV හිරු FM  එම් සිව්වන වරටත් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහනට ඊයේ දෙවන දිනටත් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් එක්වුණා.

වස්කඩුව - ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර තිබූ  කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ඓතිහාසික බදුල්ල - මුතියංගන පුදබිම වෙත පැමිණියා.

සර්වඥ ධාතූන් වහන්සේ මුතියංගන පුද බිමේ සිට නුවරඑළියට වැඩම කරවීම ආරම්භ වූයේ අද අලූයමයි.

උදෑසන 6ට ආරම්භ වූ රිය පෙරහැර බණ්ඩාරවෙල, වැලිමඩ, කැප්පෙටිපොළ හරහා නුවරඑළියට වැඩම කරවන අතර දහවල් 11 සිට 1.30 දක්වා නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.

පස්වරු 3 සිට පස්වරු 5 දක්වා ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ පුස්සැල්ලාව - මන්තින්දාරාමයේදියි.    

වෙසක් පොහෝ දා පෙහෙවස් සමාදන් වූ උවැසි, උවැසියන් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පෙරේදා රාත්‍රියේ සිට මුතිංයගන පුදබිමේ රැදී සිටියේ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ දැඩි අපේක්ෂාවෙන්.

හිරු TV  හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඒ වෙනුවෙන් සකස් කළ විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කිරීම සඳහා වැඩම කරවනු ලැබුවේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධු නද මධ්‍යයේයි.

අනතුරුව සුවද මල් පුදා උදෑසන බුද්ධ පූජාව ද, අෂ්ඨ පරිශ්කාර පූජාව ද ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් සිදුකළ අතර, පසුව ඊට අදාළ ආගමික වතාවත් සිදුකෙරුණා.

එහිදී මහා සංඝරත්නය මෙම උතුම් සත් ක්‍රියාව වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන්ට සහ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කළා. මෙම අවස්ථාව, මුතියංගන පුදබිමට යළි සම්බුදු හිමියන් වැඩම කළ අවස්ථාවට සමාන බවයි වස්කඩුව ශ්‍රී සුභූති විහාරාධිපති වස්කඩුවේ මහින්දවංශ හිමිපාණන් සදහන් කළේ.

මහා සංඝරත්නයේ අනුශාසනාවලින් අනතුරුව දිවයිනේ නන්දෙසින් පැමිණි බැතිමතුන්ට කපිලවස්තුපුර නිසැක උතුම් සර්වඥධාතූන් වැද පුදා ගැනීමට අවස්ථාව හිමිවුණා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා මුතියංගන රජමහා විහාරයට හඳුන් කූරු රඳවන ද්විත්වයක් ද මෙහිදී පූජා කළා.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් ඊයේ දහවල් බුද්ධ පූජාව පැවැත්වුණේ මුතියංගන පුදබිම පැමිණි ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගෙන් නැගුණු සාධු නාදය මධ්‍යයේයි.

සර්වඥධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් අද අලූයම දක්වා බදුලූ - මුතියංගන රජමහා විහාරයට පැමිණීම විශේෂත්වයක්.

අද දිනයේදී නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ගම්පොළ - ශාලියාල විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිත අතර, ගමන් මඟ අතරතුර නුවරඑළිය බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේදී සහ පුස්සැල්ලාව - මන්තින්දාරාම විහාරස්ථානයේදී ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙනවා.

අද පස්වරු 6ට පමණ ගම්පොළ - ශාලියාල විහාරස්ථානය වෙත වැඩම කරන ධාතූන් වහන්සේ පසුදා පහන් වන තුරු එහි තැන්පත් කිරීමට නියමිතයි.

හිරු උත්තම ධාතු වන්දනාවේ රථ පෙරහැර හාලි ඇල නගරය පසු කළ අයුරු