රාජපක්ෂ පදනමේ උප සභාපතිත් අත්අඩංගුවට

Tuesday, 24 May 2016 - 12:53

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
D A  රාජපක්ෂ පදනමේ හිටපු උප සභාපති උපුල් ජයසිංහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගම්පහ - ඔරුතොට ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන දේශපාලන කටයුතු සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා රජයේ මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළවයි.

ඒ  සම්බන්ධයෙන් අද පෙරවරුවේ ඔහුට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

ඉන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව එහි නිලධාරියෙකු සදහන් කළා.

අත්අඩංගුවට ගත් ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යාංශ ලේකම් විලී ගමගේ සහ රාජ්‍ය බැංකුවක හිටපු සභාපතිවරයෙකු වූ ආරියතිලක දසනායක ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔවුන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කෙරුණේ රුපියල් 50000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් 40000 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරීමටයි.