ට්‍රම්ප් සහ හිලරි උණුසුම් වාග් ප්‍රහාරවල

Wednesday, 25 May 2016 - 8:32

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD
ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක සටන උණුසුම් වෙද්දී ඩොනල්ඞ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් එකිනෙකා දැඩි ලෙස විවේචනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

රිපබ්ලිකන් පක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටින අතර ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරියෙන් පසුවන්නේ හිලරි ක්ලින්ටන්.  

හිලරි ක්ලින්ටන්ගේ සැමියා වන හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ට එරෙහි ලිංගික අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන යාමට ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානම් වන බව සදහන්.

මේ අතර හිලරි ක්ලින්ටන් අවස්ථා කිහිපයකදීම පවසා ඇත්තේ ඩොලන්ඞ් ට්‍රම්ප් බංකොලොත් වූ ව්‍යාපාරිකයෙකු බවයි.