හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරීන් තුන්දෙනෙකුගේ බැංකු ගිණුම් පිළිබඳ විස්තර ලබාදෙන ලෙස බැංකු සහ මූල්‍යායතන 72 කට අද නියෝග කෙරුණා.
ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළවයි. මීට අදාළ නියෝගය ලබාදුන්නේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් විසින්.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරින් වන මේජර් නෙවිල් වන්නිආරච්චි, බ්‍රිගේඩියර් දමිත ගෝමින් රණසිංහ, කපිතාන් තිස්ස විමලසේන යන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් පිළිබඳවයි මෙහිදී විමර්ශනය කෙරෙන්නේ.
මීට පෙර පසුගිය පෙබරවාරි 10 වනදාද ඔවුන්ගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ලබාගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ලබාගත්තා.
මේ අතර විශේෂ ඉල්ලීමක් මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිටට සිංගප්පූරුවට යෑම සඳහා කොළඹ මහාධිකරණය අද අවසර ලබාදුන්නා. ඒ, රුපියල් ලක්ෂ 2ක මුදල් තැන්පතුවක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.