දිස්ත්‍රික්ක 5 කට තවදුරටත් නායයාමේ අවදානමක්

Monday, 30 May 2016 - 7:36

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබූ නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඉදිරි පැය කිහිපය තුළත් වැසි ඇතිවුවහොත් එම දිස්ත්‍රික්කවල සිටින ජනතාව  ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කළු, නිල්වලා සහ ගිං ගඟේ ජල මට්ටම් තවමත් ඉහළ මට්ටමක පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා බද්දේගම, දොඩංගොඩ සහ උනන්විටිය යන ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම, දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.