කිලිනොච්චියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය තොගයේ ඇත්ත මෙන්න

Monday, 30 May 2016 - 9:14

%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
කිලිනොච්චිය - රත්තිරපුරුම් ප්‍රදේශයේ නිවසක ළිදක තිබී ක්ලේමෝ බෝම්බ 10 ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

කිලිනොච්චිය - රත්තිරපුරුම් ප්‍රදේශයේ නිවසක ළිදක තිබී  මෙම ප්‍රප්‍රරණ ද්‍රව්‍ය තොගය ඊයේ පස්වරුවේ සොයා ගනු ලැබුවේ 57 වන සේනාංකයට ලැබුණු තොරතුරක් අනුවයි.

ක්ලේමෝ බෝම්බ 10 ක් ,අත්බෝම්බ 66 ක් සහ මෝටාර් සදහා භාවිත කරන චාජර්ස් 42 ක් එහි තිබී සොයා ගත් බව පොලීසිය සදහන් කළා.

ඊයේ පස්වරුවේ සොයා ගත් මෙම පුපුරණ ද්‍රව්‍ය යුධ හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙත භාර දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අප කළ විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ ගම්වැසියෙකු සිය නිවසේ ළිඳ පවිත්‍ර කිරීමේදී මෙම ආයුධ හමුවී ඇති බවත් ඒවා කිසිවක් භාවිත කළ නොහැකි බව යුද හමුදාව දැනුම් දී ඇති බවයි.