13 හැවිරිදි පාසල් සිසුවෙකු අභිරහස් ලෙස මිය යයි

Monday, 30 May 2016 - 9:49

13+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ගල්කිරියාගම - ගිරානේගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ නිවසෙහි ජනේලයක එල්ලෙමින් තිබියදී අදාළ සිරුර ඊයේ රාත්‍රියේ සොයා ගැනීමට හැකිවී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 13 හැවිරිදි සිසුවෙක්.

මෙය සියදිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.