අගමැති සහ බෑන්කී මූන් අතර හමුවක්

Monday, 30 May 2016 - 10:59

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
107 වන  ජාත්‍යන්තර රොටරි සමුළුවේ සමාරම්භක උත්සවය සඳහා දකුණු කොරියාවට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඊයේ පැවති සමාරම්භක උළෙලට පෙර මෙම හමුව සිදුව ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ.

එමෙන්ම, අග්‍රාමාත්‍යවරයා දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හ්වං ක්යොආන් ද  හමුවුණා.

ලොවපුරා සිටින රොටරි සාමාජිකයින් 50,000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්.