අරලියගහ මැදුරට ගෙන ගිය කෞතුකාගාර බුදුපිළිමයකට හානි කර ඇති බවට චෝදනා

Monday, 30 May 2016 - 13:08

%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9E%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ධාතු ප්‍රදර්ශණයක් සඳහා අරලියගහ මන්දිරයට ජාතික කෞතුකාගාරයෙන් රැගෙනගිය බුදු පිළිමයකට හානි සිදුවී ඇති බව සමාජවාදී ජනතා පෙරමුණ ප්‍රකාශ කළා.

පසුගියදා පැවති මෙම ධාතු ප්‍රදර්ශණයට අදාල බුදු පිළිම රැගෙන ගොස් ඇත්තේ කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ අවසරයකින් තොරව බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ ලේකම් රාජා කොල්ලූරේ සඳහන් කළේ.

ජනතාවගේ නඩු සහ අභියාචනා ලිපි ගොනු 8000ක් පමණ මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී ඇති බව මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර කියා සිටියා.