සාම්පූර් සිද්ධිය ගැන ත්‍රිකුණාමල දිස්ත්‍රික් කමිටුවේ ගාලගෝට්ටියක්

Monday, 30 May 2016 - 18:57

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නාවික හමුදා නිලධාරියෙකුට නැගෙනහිර පළාත් මහඇමතිවරයා බැණ වැදීමේ සිද්ධිය මුල් කර ගනිමින් අද පැවැති ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී  උණුසුම් තත්ත්වයක් හට ගැනුණා.

ඒ, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ සිද්ධිය පිළිබදව අදහස් දැක්වීමේදියි.

අද දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වුණේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එම්. මහරුෆ් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන්.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට ප්‍රදේශය භාර ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහභාගි විය යුතු වුවද අද පැවැති රැස්වීමට ත්‍රිවිධ හමුදා නිලධාරීන් පැමිණ සිටියේ නැහැ.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ අදහස් දැක්වීමත් සමඟ එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එම්. මහරුෆ් හා නැගෙනහිර පළාත් මුස්ලිම් කොංග්‍රස් මැති ඇමතිවරුන් සමගයි.

මේ අතර, එරාවුර් ප්‍රදේශයේ අද පැවැති උත්සවයකට එක්වෙමින් නැගෙනහිර පළාත් මහඇමති අහමඩ් නසීර් කියා සිටියේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු ධූරයෙන් ඉවත් කළ යුතු බවයි.