සාමසර කන්දේ නාය යාමෙන් මිය ගිය පිරිස වෙනුවෙන් පිං පැමිණවීම බ්‍රහස්පතින්දා

Tuesday, 31 May 2016 - 7:14

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%83%E0%B6%BB+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%82+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F
අරණායක - සාමසර කන්ද නාය යාමෙන් මිය ගිය පිරිස සිහි කරමින් දානමය පුන්‍ය කර්මයක් ලබන බ්‍රහස්පතින්දා සිදුකරන බව මෙහෙයුම් භාර නිලධාරී බස්නාහිර පළාත් ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ නාය ගිය සාමසර කන්ද අසළ පිහිටි සිය මෙහෙයුම් මූලස්ථානයේ දී මෙම පිං පැමිණවීමේ කටයුත්ත සිදුකරන බවයි.

ඊට භික්ෂූන් වහන්සේලා 60 නමක් සහභාගි වන බව ද ඔහු සදහන් කළා.

කෙසේ වෙතත්, අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් කටයුතු තවදුරටත් සිදුකරන බව ද මෙහෙයුම් භාර නිලධාරී බස්නාහිර පළාත් ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ ප්‍රකාශ කළා.

ඔහු සදහන් කළේ ඊයේ දිනයේදී දැඩි වර්ෂාව හේතුවෙන් මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල වූ බවයි.

මේ අතර, නාය යාමෙන් මිය ගිය පුද්ගලයින් 27 දෙනෙකුගේ සිරුරු සහ තවත් පුද්ගලයින් 21 දෙනෙකුගේ සිරුරු කොටස් හමුවී තිබෙනවා.

මේජර් ජනරාල් සුදත්ත රණසිංහ වැඩිදුරටත් කියා සිටියේ සිදුකළ සමීක්ෂණවලට අනුව තවත් 100 දෙනෙකු පමණ සාමසාර කන්දේ පස් යට වැළලී සිටින බවට සැක කරන බවයි.