ශ්‍රී ලංකාව පිළිබඳ යුරෝපා සංගමයේ ක්‍රමෝපාය වෙනස් වෙයි

Tuesday, 31 May 2016 - 7:21

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සඳහා වන සිය සංවර්ධන ක්‍රමෝපාය යළි ඇගයීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

මෙරට ග්‍රාමීය සංවර්ධනය පිළිබඳවයි යුරෝපා සංගමය මෙතෙක් විශේෂ අවධානය යොමු කර තිබුණේ. එමෙන්ම සංහිදියා සහ යහපාලන ක්‍රියාවලිය සඳහා යුරෝපා සංගමයේ සහාය ලබාදීමට ඉදිරියේදී පියවර ගැනෙනවා.

මෙම නව ප්‍රමුඛතා හේතුවෙන් ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාව ක්‍රියාවට නැංවීමට මෙන්ම වගවීම, යුක්තිය ඉටු කරලීම, නැවත පදිංචි කිරීම් මෙන්ම යහපාලනය සහ සංහිදියාව උදෙසා තිරසාර විසදුම් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි යුරෝපා සංගමය ප්‍රකාශ කළේ.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව ක්‍රියාකාරී කමිටු රැස්වීමක් කොළඹ දී ඊයේ පැවැත්වුණා.

එහිදී අදහස් දක්වමින් යුරෝපා සංගමයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය ප්‍රධානී ජෝග් කබලේරියා මේ බව සදහන් කළා.
 
වසර 2020 දක්වා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සඳහා වන සංවර්ධන ක්‍රමෝපාය පුළුල් කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව මෙරට ග්‍රාමීය සංවර්ධනය මෙන්ම තිරසාර සංවර්ධනයක් තුළින් ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීම සඳහා යුරෝපා සංගමයේ සහාය හිමිවනු ඇති.

යුරෝ මිලියන 210ක්, එනම් රුපියල් බිලියන 34 ඉක්ම වූ සංවර්ධන ආධාර  යුරෝපා සංගමය වසර 2020 දක්වා ශ්‍රී ලංකාව සඳහා වෙන් කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ වුණා.