උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමකට සැරසේ

Tuesday, 31 May 2016 - 7:44

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
උතුරු කොරියාව තවත් බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමකට සැරසෙන බව දකුණු කොරියාව පවසනවා.

එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මේ නිසා තම ආරක්ෂක හමුදා සීරුවෙන් තැබීමට කටයුතු කළ බවයි.

ජපානය ද උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම පිළිබඳව සිය අවධානය යොමු කර තිබෙනවා.

ඒ සිය ප්‍රතිමිසයිල පද්ධතිය සක්‍රීය කිරීමෙන්.

උතුරු කොරියාවේ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම්වලට එරෙහිව ජගත් සංවිධානය පසුගිය දා යෝජනාවක් ද සම්මත කර ගනු ලැබුවා.

කෙසේ නමුත්, ඉන් පසුව ද ඔවුන් මිසයිල අත්හදා බැලීම් කිහිපයක්ම සිදුකළා.