බිරිඳ ඝාතනය කර සැමියා එල්ලෙයි

Tuesday, 31 May 2016 - 9:29

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සිය බිරිඳ කපා කොටා ඝාතනය කල පුද්ගලයකු ගෙළ වැළලාගෙන මරණයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී 8.30 ට පමණ මෙම ඝාතනය සහ සිය දිවි හානිකර ගැනීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

මියගොස් ඇත්තේ පල්ලම මණ්ඩලාන ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් සහ ඇයගේ සැමියා බවට හඳුනාගෙන ඇතැයි සඳහන්.

මෙම කාන්තාව බංගදෙණිය ප්‍රදේශයේ පිහිටි ගොවිපළක සේවය කරන බවටයි අනාවරණ වී ඇත්තේ.

ඇයගේ සැමියා විදේශයක සේවය කර මෑතකදී මෙරටට පැමිණ ඇතැයි ද පොලිසිය සිදුකල මුලික විමර්ශණවලදී හෙළිවී තිබෙනවා.

මෙම ඝාතනය සහ සියදිවි නසා ගැනීම සිදුව ඇත්තේ මියගිය පිරිමි පුද්ගලයාගේ පියාට අයත් ඉඩමකදී බව ද සඳහන්.

ඔවුන් කුමන හේතුවක් මත එම ඉඩමට පැමිණියේ ද යන්න පිළිබඳව ද පොලිස් පරීක්ෂණ සිදු කෙරෙනවා.

පල්ලම පොලිසියයි මේ සම්බන්ධයෙන් විමර්ශණ මෙහෙයවන්නේ.