ලලිත් වීරතුංග ඇතුලු කිහිප දෙනෙකු FCIDයට

Tuesday, 31 May 2016 - 11:18

%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+FCID%E0%B6%BA%E0%B6%A7
මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරාගෙන් බරපතල වංචා හා දූෂණ සොයන ජනාධිපති කොමිසම අද පැය 3 ක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තා.

ඒ, හම්බන්තොට වරායේ කරදියවර මංගල්‍යයේ සංස්කෘතික සංදර්ශනය සංවිධාන කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළවයි.  

පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි ගායක නලින් පෙරේරා සඳහන් කළේ වසර 28 ක තම සංගීත දිවිය  තුළ මාධ්‍ය විසින් ප්‍රශ්න කළ ප්‍රථම අවස්ථාව මෙය වන බවයි.

මේ අතර හිටපු ජනාධිපති  ලේකම් ලලිත් වීරතුංග, නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකද අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටියා.  

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටියේ ඔහු ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයේදී රථවාහන සඳහා අයථා ලෙස මුදල් වෙන් කළ බවට එල්ලවන චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.  

එසේම නිවාස සංවර්ධන අධිකාරියේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා එම අධිකාරියේ හිටපු සභාපති ජයන්ත සමරවීරද එහි පැමිණ තිබුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් සමාගමකට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ගෙන් ප්‍රශ්න කර ඇති බව සඳහන්.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ අද පෙනී සිටියේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පාදයේ සැත්කමක් සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 200ක මුදලක් ලබාදීම පිළිබඳව සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීමටයි.