කළු ගඟේ ජල මට්ටම ඉහළට-අවධානයෙන් සිටින්නැයි උපදෙස්

Tuesday, 31 May 2016 - 12:33

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7-%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
කළු ගඟේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් සුළු ගං වතුර තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ නිසා විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පහත්බිම්වල සිටින ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළේ.

ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බද්දේගම ප්‍රදේශයේ පහත් බිම් ද, නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් අකුරැස්ස, පරදුව සහ පානදුගම ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අද දිනයේත් ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.