හබරන - පළුගස්වැව - ගල්කඩවල මාර්ගයේ තම්බිකුලම ප්‍රදේශයේදී අද උදෑසන වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වන අලියා, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකට පහර දී ඇති අතර, ඊට පිටුපසින් යතුරුපැදියකින් තවත් පුද්ගලයෙකු පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේ වන අලියා පලවා හැරීමට එම යතුරුපැදිකරු උත්සාහ කිරීමත් සමඟ ඔහුට ද වන අලියා පහර දී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
එහිදී පලූගස්වැව - දෙමුන්නාව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුණා.
බරපතල තුවාල ලැබූ කාන්තාව ඇතුළත් කෙරුණේ දඹුල්ල රෝහලටයි.
සිද්ධිය වාර්තා වීමෙන් අනතුරුව එම ස්ථානයට වනජීවි නිලධාරීන් ද පැමිණ තිබෙනවා.
එහිදී ගම්වාසීන් සහ ඔවුන් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගත් බව හිරු වාර්තාකරු කියා සිටියා.

Follow US

Most Viewed Stories