වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අමාරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට තවත් අනතුරු ඇඟවීමක්

Tuesday, 31 May 2016 - 19:18

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන අටේ සිට දහවල් 12 දක්වා දියත් කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසකට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්වුණා.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනය කළේ වර්ජනය ක්‍රියාත්මක වූවත් රෝහල් රැසක කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ බවයි.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරු සඳහා සකස් කර ඇති පත්වීම් ලේඛනයට විරෝධය පළ කරමිනුයි වෛද්‍යවරුන් මෙම වර්ජනයේ් නිරතවුණේ.

අදාළ ලේඛනය සකස් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊට බලපෑම් සිදුකර ඇති බවටද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කළා.

කෙසේ වෙතත් අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවූූ කොළඹ, ගම්පහ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල මෙම වර්ජනය ක්‍රියත්මක වුණේ නැහැ.

වර්ජනයෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින් ද හේරත් කියා සිටියේ ඉදිරි සතිය තුළදී තම සංගමය දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට බොහෝදුරට ඉඩ තිබෙන බවයි.

එහෙත් අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැඩි චෝදනා එල්ල කළා.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින් ද හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද පැමිණිලි කර ඇති බවයි.

මේ අතර සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අද මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම වැඩවර්ජනයට විරෝධය පළ කළා.  

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අමල් හර්ෂ ද සිල්වා කොළඹ අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් කියා සිටියේ මෙම ගැටළුව සාකච්ඡා කර විසඳාගැනීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර  රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙම තත්ත්වයට වගකිව යුතු බවයි.

කෙසේ වෙතත් මෙම වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්වුණේ ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් වෙත පැමිණි රෝගී ජනතාවයි.

අනුරාධපුරය, මහනුවර, ගාල්ල - කරාපිටිය සහ මාතර මහ රෝහල්වලට මෙන්ම තවත් රෝහල් රැසකට වර්ජනයෙන් දැඩි ලෙස බාධා එල්ලවී තිබූ බව එම රෝහල්වලට ගිය අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.