ප්‍රධාන ගංඟා අවට ජනතාවට අවදානයෙන් සිටින්නැයි අවවාද

Wednesday, 01 June 2016 - 7:53

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9C%E0%B6%82%E0%B6%9F%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF
කළු, ගිං, නිල්වලා සහ අත්තනගලූ ඔයෙහි ජල මට්ටම් තවදුරටත් අඩු වැඩිවීමේ ප්‍රවණතාවක් පැවතිය හැකි බැවින් ඒ පිළිබදව අවට ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා.

මේ අතර බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ සදහන් කළේ.