ආපදා ප්‍රදේශවලට තවත් මිලියන 18ක්

Wednesday, 01 June 2016 - 8:03

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+18%E0%B6%9A%E0%B7%8A
ආපදාවට ලක්වූ ප්‍රදේශවල කැලි කසල ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන 18ක මුදලක් වෙන් කර ඇති බව ආපදා කළමනාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මාධ්‍ය හමුවට එක්වූ පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සඳහන් කළේ දින තුනක් ඇතුළත එම ප්‍රදේශවල සියලූ කැලි කසල ඉවත් කිරීමට හැකිවනු ඇති බවයි.

කෙසේ වෙතත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජනතාව චෝදනා කළේ ආපදා තත්ත්වය පහව යාමෙන් පසු පවතින කැලිකසල හේතුවෙන් තමන් දුෂ්කරතාවට පත්ව ඇති බවයි.