උතුරේ බලාපොරොත්තු තවමත් ඉටුවී නැහැලු

Thursday, 02 June 2016 - 8:40

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%94
නව රජයෙන් උතුරේ ජනතාව බලාපොරොත්තු වූ බොහෝ දේ තවමත් ඉටුවී නොමැති බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය CV  විග්නේෂ්වරන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින නෝර්වේ රාජ්‍ය ලේකම් ටොරේ හැට්‍රම්, යාපනයේ පිහිටි ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ඊයේ හමුවූ අවස්ථාවේදියි.

දෙදින නිල සංචාරයක නිරත නෝර්වේ රාජ්‍ය ලේකම්වරයා ඇතුලූ පිරිස  පෙරේදා දිවයිනට පැමිණි අතර ඔහු ඊයේ උතුරු පළාතේ සංචාරයකද නිරතවුණා.

එහිදී රාජ්‍ය ලේකම්වරයා ප්‍රථමයෙන් හමුවූයේ උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේයි. ඉන් අනතුරුවයි නෝර්වේ රාජ්‍ය ලේකම්වරයා උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය CV විග්නේෂ්වරන් සමඟ සාකච්ඡාවක නිරතවූයේ.