කෑගල්ල - සිසිලගමින් නීතිවිරෝධී මත්පැන් සහ ගංජා සොයාගැනේ

Thursday, 02 June 2016 - 10:48

%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
කෑගල්ල - සිසිලගම ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් සහ ගංජා තොගයක් පොලීසිය සොයාගෙන තිබෙනවා. 

 පොලිස් මූලස්ථානය සඳහන් කළේ ගංජා කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 568 ක් සහ නීතිවිරෝධී මත්පැන් බෝතල් 178 ක් සමඟ සැකකරුවන් හතරදෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

පොලිස්පති පූජිත් ජයසුන්දර, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලබාදුන් තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර ඇත්තේ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලූ නිලධාරී කණ්ඩායමක්.