අධිකරණයට භාරවු හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ඇප

Thursday, 02 June 2016 - 18:42

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AB+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇප මත මුදා හැරීමට අද (02) නියෝග කෙරුණා.

නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න එහිදී නියෝග කළේ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 04 ක් සහ රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇපයක් මත හිටපු මහේස්ත්‍රාත්වරයා මුදාහරින ලෙසයි.

විනිසුරුවරයා මෙම නියෝග සිදුකළේ හිටපු අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (02) දිනයේ අධිකරණය වෙත භාරවීමෙන් අනතුරුවයි.

බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (02) ඉදිරිපත් වුණා.

හිටපු මහේස්ත්‍රාත්වරයා නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණය වෙත ඉදිරිපත් වුණේ අද පස්වරු 1.30 ට පමණයි.

එහිදී සැකකරු විත්ති කූඩුවට නැගි අවස්ථාවේදී, නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න ඔහුට නියෝග කළේ පැළඳ සිටින කබාය ඉවත් කරන ලෙසයි.

ඒ අනුව හිටපු අතිරේක මහේස්ත්‍රාත්වරයා කබාය ඉවත් කරගත් බව හිරු අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළා.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් තිලිණ ගමගේට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියද රජයේ නීතිඥයින් ඊට විරෝධය පළ කළා.

එහිදී ඔවුන් පෙන්වා දුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන නිසා ඇප ලබාදුනහොත් ඊට බාධා සිදුවිය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය පැය දෙකහමාරකට ආසන්න කාලයක් කරුණු දැක්වු අතර විනිසුරු කණිෂ්ක විජේරත්න සඳහන් කළේ තම තීරණය අද පස්වරු 06 ට ප්‍රකාශයට පත්කරන බවයි.

එම තීරණය ප්‍රකාශයට පත් කරමිනුයි හිටපු මහේස්ත්‍රාත්වරයාට ඇප නියමකර ඇත්තේ.

බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් තිලිණ ගමගේ සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා පසුගිය මස 12 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දුන්නද ඔහු පැමිණියේ නැහැ.

පසුගිය 30 වනදා කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඇප අයදුම් පත්‍රයක් යොමුකළා.

කෙසේ වෙතත්, එය සලකා බැලීම අද දින දක්වා කල් තැබීමට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීම සඳහායී.

මේ අතර, ඊයේ (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් තිලිණ ගමගේ මෙම පැමිණිල්ලේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති බව දැනුම් දුන්නා.

එය සලකා බැලූ නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අත්අඩංගුවට ගන්නා ලෙසයි.

කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාගයට ගැනෙන බැවින් අධිකරණ සේවා කොමිෂන් සභාව ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමටද පියවර ගෙන තිබෙනවා.