අයි.එස්. සංවිධානයට එරෙහිව බොලිවුඩ් සංගීතය

Thursday, 02 June 2016 - 19:11

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA
අයි.එස්. ත්‍රස්තවාදීන් කණ්ඩායම් වලට එරෙහි මනෝ විද්‍යානුකූල යුද අවියක් ලෙස බොලිවුඩ් සංගීතය යොදා ගැනීමට බ්‍රිතාන්‍ය හමුදා කටයුතු කරමින් සිටිනවා. අයි.එස්. සංවිධානය බොලිවුඩ් සංගීතය හඳුන්වන්නේ ඉස්ලාමීය විරෝධී සංස්කෘතිකාංගයක් ලෙසයි.

මේ නිසා ඔවුන්ට එරෙහි මානසික අවියක් ලෙස බොලිවුඩ් සංගීතය යොදා ගත හැකි බව පෙන්වා දී ඇත්තේ බ්‍රිතාන්‍ය විශේෂ හමුදාවල සිටින පාකිස්ථාන සම්භවයක් සහිත බුද්ධි අංශ නිලධාරියෙකු විසින්.

මේ අනුව, ලිබියාවේ සර්ටේ නගරය ආසන්නයේදී අයි.එස්. සන්නිවේදන ග්‍රහණය කරගෙන එම තරංග ඔස්සේ බොලිවුඩ් චිත්‍රපටවල ගීත විකාශය කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

ඊට අමතරව, අයි.එස්. කණ්ඩායම් සිටින සීමාවේ එලෙස අඛන්ඩව බොලිවුඩ් සංගීතය වාදනය කෙරෙන මෝටර් රථ දෙකක් ද අතහැර දමා ඇති බව වාර්තා වනවා.