ළමුන් 91 කට අමුතු පාඩමක් කියාදී ඡායාරූප 2000 ක් ගත් ගුරුවරයෙක්

Friday, 03 June 2016 - 11:25

%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+91+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+2000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ළමුන් 91 දෙනෙකු අපයෝජනය කර ඡායාරූප ලබාගත් බ්‍රිතාන්‍ය ජාතික ගුරුවරයා සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන්නැයි මැලේසියා බලධාරීන් බ්‍රිතාන්‍ය රජයට දන්වා තිබෙනවා.

සැකකරු 2014 වසරේ නත්තල් නිවාඩුව සඳහා සිය රට යායේමීදීයි ලන්ඩනයේදී අත්අඩංගුවට ගෙන තිබුනේ.

ළමුන් අපයෝජනය කර ලබාගත් ඡායාරූප දෙදහසකට වැඩි සංඛ්‍යාවක් සැකකරුගේ පරිගණකයේ තිබියදී සොයාගෙන ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රජය පරීක්ෂණයක් සිදු කරන්නේ ද නැතහොත් තමන්ට විධිමත් ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට අවස්ථාව ලබාදෙන්නේ ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ලබාදෙන ලෙසට මැලේසියා බලධාරීන් බ්‍රිතාන්‍යයට දන්වා තිබෙනවා.

30 හැවිරි මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා ක්වාලාලාම්පුර් නුවර ඉංග්‍රීසි ගුරුවරයකු ලෙසට කටයුතු කරන අතරවාරයේදී කුඩා ළමුන් අපයෝජනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය අනාවරණ වීමත් සමග මැලේසියාවේ ජනතාව අතර ද දැඩි උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

සැකකරුගේ ඡායාරූප ද අන්තර්ජාලය ඔස්සේ මෙන්ම පුවත්පත්වල ද ප්‍රසිද්ධියට පත්කර ඇතැයි සඳහන්.