ලොව පුරා ත්‍රස්ත ප්‍රහාරවල අඩුවීමක්

Friday, 03 June 2016 - 12:26

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පසුගිය 2015 වසර තුළ ලොව පුරා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවල කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

2014 වසරට සාපේක්ෂව එහි අඩුවීම සියයට 13 ක් ලෙසයි එමගින් පෙන්වා දී ඇත්තේ.

කෙසේ නමුත්, ඉරාකය, පාකිස්ථානය සහ නයිජීරියාව පසුගිය වසරේ ත්‍රස්ත ප්‍රහාරවලට වැඩි වශයෙන්ම ගොදුරු වූ රටවල් 5 ට ඇතුළත්.

ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය ද එම රටවල් 5 ට අයත්.

එමෙන්ම, අයි.එස් සංවිධානය ජාත්‍යන්තර වශයෙන් සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම 2015 වසරේ ත්‍රස්ත ප්‍රහාරවල නව ප්‍රවණතාවක් ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවේ සදහන්.

පසුගිය වසර තුළ අයි. එස් සංවිධානය ඔවුන් ක්‍රියාත්මක වන සිරියාව, ඉරාකය, යේමනය, ඇෆ්ගනිස්ථානය සහ ලිබියාව ඇතුළු රටවල් 11 ක ප්‍රහාර දියත් කර තිබෙනවා.

2015 වසරේ ලොව පුරා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර 11,774 කින් පුද්ගලයන් 28,300 ක් ජීවිතක්ෂයට පත්වී ඇති  අතර තුවාල ලැබූ සංඛ්‍යාව 35,000 කට අධිකයි.