වාරණ පන්සල අසළ හොර නෝට්ටු ජාවාරමක්

Friday, 03 June 2016 - 16:37

%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD+%E0%B6%85%E0%B7%83%E0%B7%85+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කලගෙඩිහේන - වාරණ විහාරස්ථානය අසළ නිවසක පවත්වාගෙන ගිය මහා පරිමාණ ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් හෙළි කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

වැටලීමේදී රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 40ක්, පරිඝනක ඇතුළු උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා.

පෞද්ගලික ඔත්තුකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් 3 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.