වසර 30කට පසු දරුණුතම ජල ගැල්මෙන් පැරීසිය යට වූ හැටි

Saturday, 04 June 2016 - 8:14

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+30%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%AD%E0%B6%B8+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ප්‍රංශයේ පැරිස් පුරවරය වසර 30කින් දරුණුතම ජල ගැල්මට දැන් මුහුණ දෙනවා.

සේන් නදිය පිටාර ගැලීම නිසා පැරිසියේ උමං මාර්ග පද්ධතිය මෙන්ම සුප්‍රකට කෞතුකාගාර පවා වසා දැමීමට සිදුවුණා.

ඒවායේ තිබූ දුර්ලභ කෞතුක වස්තූන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් තිබෙනවා.

සේන් ගංඟාවේ ජල මට්ටම මේ වන විට පිටාර මට්ටමේ සිට අඩි 18 ඉක්මවා ඇති අතර, සති අන්තයේ වැසි ලැබුණහොත් එය තවදුරටත් ඉහළ යනු ඇති.

යුරෝපයේ අධික වර්ෂාපතනය සමඟ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ප්‍රංශයේ සිට යුක්රේනය දක්වා රටවල් රැසක් ජල ගැල්මට ගොදුරු වී තිබෙනවා.

ප්‍රංශයේ පුද්ගලයන් දෙදෙනෙකු සහ ජර්මනියේ දස දෙනෙකු මිය ගිය පිරිසට ඇතුළත් දකුණුදිග ජර්මනියේ නගර රැසකට ජල ගැල්මෙන් විශාල හානි සිදුවුණා.

දස දහස් ගණන් ජනතාව ජල ගැල්ම නිසා අවතැන් වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ප්‍රංශ රක්ෂණ සමාගම් සඳහන් කළේ ජල ගැල්මෙන් සිදුවූ හානිය ආවරණය කිරීම සඳහා යුරෝ මිලියන 600ක් පමණ වැය වනු ඇති බවයි.