ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට 8 වනදා පාර්ලිමේන්තුව අනිවාර්යයි

Saturday, 04 June 2016 - 13:27

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+8+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන ලබන අටවනදා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා වාරයට සහභාගිවීම අනිවාර්ය කර තිබෙනවා.

රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ලබන 8 වැනිදා විවාදයට ගැනීමට නියමිත අතර එදින ලොව කොතැනක සිටියද ඒ සඳහා සහභාගී විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්ට ලිපි මඟින් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව දැනට විදෙස්ගතව සිටින ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සිය සංචාර නවතා ඒ සඳහා සහභාගී විය යුතු වනවා.

මේ අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ලබන සඳුදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන එම රැස්වීමට එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවට එක්ව සිටින මන්ත්‍රීවරුන් සහභාගී වනු ඇති.

එමෙන්ම විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එදිනම පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මේ අතර මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් අද අදහස් පළ කළා.