ඇමරිකානු යුද නෞකාවකින් අයි.එස්.ඉලක්ක වලට ගුවන් ප්‍රහාර

Sunday, 05 June 2016 - 13:09

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
ඇමරිකානු යුද නෞකාවකින් නික්මුණු ප්‍රහාරක ජෙට් යානා මගින් ඊයේ (04) දෙවන දිනටත් අයි.එස්.ඉලක්ක වෙත ප්‍රහාර දියත් කළා.

ගුවන් යානා රැගෙන යා හැකි යූ.එස්.එස් හැරී ටෲමන් යුද නෞකාව මේ වනවිට මධ්‍යධරණී මුහුදේ රදවා තිබෙනවා.

සිරියාවේ අයි.එස්. ඉලක්ක වෙත එලෙස ප්‍රහාර 4 ක් දියත් කර ඇති අතර, ඉන් 3 ක්ම ඉලක්කයට ළගා වූ බවයි ඇමරිකාවේ යුද හමුදා ආරංචි මාර්ග සදහන් කළේ.

අයි.එස්. සංවිධානයට එරෙහිව වසර දෙකක් තිස්සේ පවතින යුද්ධයේ දී මධ්‍යධරණී මුහුදේ ඇමරිකානු යුද නෞකාවක සිට මෙලෙස ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ප්‍රථම වතාවටයි.