බංග්ලාදේශ ත්‍රස්ත මර්දන පොලිස් නිලධාරියෙකුගේ බිරිද ඝාතනය කෙරේ

Sunday, 05 June 2016 - 13:48

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
බංග්ලාදේශයේ අන්තවාදී ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහි මෙහෙයුම් සිදුකළ ප්‍රධාන පෙලේ පොලිස් නිලධාරියෙකුගේ බිරිද අද උදෑසන කිසියම් පිරිසක් විසින් ඝාතනය කර තිබෙනවා.

සිය දරුවා පාසල් බස් රථයට ඇරලවා නැවත පැමිණෙන විට චිතගොං නගරයේදී මෙම ඝාතනය සිදුව ඇති බව සදහන්.

33 හැවිරිදි එම කාන්තාව බංග්ලාදේශයේ පොලිස් අධිකාරිවරයෙකු වන අබ්දුල් අක්තාර්ගේ බිරිදයි.

ඔහු ප්‍රධාන පෙලේ අන්තවාදී සාමාජිකයන් රැසක් අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් සිදුකළ පොලිස් නිලධාරියෙක්.

අන්තවාදී ඉස්ලාමීය සන්නද්ධ සාමාජිකයන් මධ්‍යස්ථ මතධාරින්, ආගමික සුළු ජනකොටස් සහ විද්වතුන්ට එරෙහි ඝාතන රැසක් ක්‍රියාත්මක කළ අතර පසුගිය පෙබරවාරියේ සිට එලෙස ඝාතනය කළ සංඛ්‍යාව 28 ක්.