සාලාව යුද හමුදා කඳවුර අවට ප්‍රදේශයේ ළිං ජලය භාවිත කිරීමෙන් වළකින්න

Monday, 06 June 2016 - 8:26

%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%85%E0%B7%92%E0%B6%82+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පිපිරීම සිදුවූ අවිස්සාවේල්ල - කොස්ගම - සාලාව යුද හමුදා කඳවුර අවට ප්‍රදේශය නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වනවිට ප්‍රදේශවාසීන් එය නැරඹීමට පැමිණීමෙන් විශාල රථවාහන තදබදයක් මෙන්ම අනතුරුදායක තත්ත්වයක්ද පවතින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මේ අතර පිපිරීමෙන් පසුව ප්‍රදේශය අවට ඇතිවූ කළබලකාරී වතාවරණයත් සමඟ විවිධ හේතූන් නිසා තුවාල ලැබූ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් තිබෙනවා.   

ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානාවකින් අද උදෑසන හමුදා කඳවුර අවට ප්‍රදේශය නිරීක්ෂණය කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳහන් කළා.

මේ වනවිට ගින්න පාලනය කිරීමට හැකියාව ලැබී ඇති අතර,  පිපිරීමට ලක්වූ පතොරම් ගබඩාව පිහිටි පරිශ්‍රයට ආරක්ෂක අංශ ඇතුලුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

සාලාව යුද හමුදා කඳවුරේ සිට කිලෝමීටරයක දුරකින් එපිට ජනතාවට යළි සිය නිවෙස් කරා පැමිණීමේ හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් කඳවුරේ සිට කිලෝමීටරයක් තුළ භූමි ප්‍රදේශය තවදුරටත් අවදානම් සහිත බවයි ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.

පිපිරීම හේතුවෙන් කඳවුර අවට ප්‍රදේශය තුළ විසිරී ඇති කොටස් හමුවුවහොත් ඒවා ඇල්ලීමෙන් වළකින ලෙස යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලීමක්  කරනවා.

එවැනි ද්‍රව්‍යයක් දුටුවහොත් දුරකථන අංක 011 3 81 86 09 හෝ 011 2  43 42 51 න් යුද හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත මැදිරිය අමතන ලෙසයි එම මූලස්ථානය සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේ ප්‍රදේශයේ ළිං ජලය භාවිතයෙන් වළකින ලෙසයි.

පිපිරීමත් සමඟ පිටතට විසිරුණු විෂ ද්‍රව්‍ය ජලයට මුසුවී තිබිය හැකි බැවින් එය සෞඛ්‍ය අහිතකර බවද ඔහු කියා සිටියා.