නාමල් අදත් එෆ්.සී.අයි.ඩී. යේ

Monday, 06 June 2016 - 13:13

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B7%86%E0%B7%8A.%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.+%E0%B6%BA%E0%B7%9A
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.

ඒ, සී.එස්.එන්. නාලිකාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සහ හම්බන්තොට - සිරිබෝපුර ප්‍රදේශයේ ඉඩම් තුනක් රුපියල් ලක්ෂ 16 ක මුදලකට මිලදී ගැනීමේ සිද්ධින්ට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මීට පෙරද අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටියා.

ඒ  දෙහිවල - මිහිඳු මාවතේ පිහිටි ඉඩමක නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළවයි.

අදාළ නිවස ඉදිකිරීමට කම්කරුවන් යෙදවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාට චෝදනා එල්ල  වී තිබෙනවා.