නාරම්මල කෝටි තුනේ කොල්ලයට පස්දෙනෙකු අත්අඩංගුවට

Monday, 06 June 2016 - 13:08

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් තුන්කෝටි දසලක්ෂයක් පමණ වටිනා ගොඩනැගිලි ද්‍රව්‍ය හා දේශීය දුම්වැටි තොගයක් රැගෙන යමින් තිබූ ලොරි රථයක් කොල්ලකෑ පුද්ගලයින් පස්දෙනෙකු කුලියාපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාරම්මල - ගල්වංගුව ප්‍රදේශයේදී සුදු පැහැති වෑන් රථයකින් පැමිණි මෙම සැකකරුවන් අදාළ භාණ්ඩ තොගය රැගෙන යමින් තිබූ ලොරි රථය හරස් කර මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.  

වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පියෙකුට අයත් මෙම ලොරි රථය කොල්ල කා තිබුණේ පසුගිය 26 වනදා රාත්‍රියේයි.

සැකකරුවන් කොල්ලය සිදුකළ අවස්ථාවේ ලොරි රථයේ රියදුරු සහ රිය සහයක ගිනි අවි පෙන්වා බිය ගන්වා තිබූ අතර, පසුව පැහැරගෙන ගොස් ප්‍රදේශයේ වත්තකට දමාගොස් තිබුණා.

අනතුරුව ලොරි රථය ඇහැලියගොඩ ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලීසිය විසින් සොයාගත් අතර, එහි තිබූ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්නයි.

කොල්ලය සිදුකළ පුද්ගලයින් පිළිබඳව කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට ලද තොරතුරකට අනුවයි ඊයේ මෙම වැටලීම සිදුකළේ.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වේයන්ගොඩ, ගම්පහ, වැල්ලම්පිටිය සහ පොල්ගස් ඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන්.